මහින්ද චින්තන ඉදිරිදැක්ම පදනම් කරගත් ශ්‍රී ලංකා රජයේ සංවර්ධන ප්‍රතිපත්ති කාර්යරාමුව සංවර්ධන සේවාවන්හි සැලසීම් සහ සැපයීම් ඉටුකිරීමේ දී, ඒවායේ කාර්ය සාධනයේ ඇති වැදගත්කම අවධාරණය කරයි. නූතන සමාජ අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි රාජ්‍ය ආයතනයන්හි වර්තමාන දැක්ම සහ මෙහෙවර සකස් කර ගැනීම සඳහා නව දෘෂ්ඨි කෝණයකින් ඒ දෙස බැලිය යුතු වේ. ඒසේම මහජනතාවගේ අවශ්‍යතා වඩාත් හොදින් ලබා දීම සඳහා ද නව දැක්මක් අවශ්‍ය වේ. එහිදී ක්‍රියාත්මක වන වැඩසටහනේ කාර්යක්ෂමතාවය සහ ඵලදායීතාවය එකිනෙක අන්තර්සම්බන්ධයක් ඇති බව පැහැදිලිව පෙනේ. 2004/2005 කාල වකවානුවේ ක්රියාක්මකව පැවති පරිපාලන ප්‍රතිසංස්කරණ කමිටුව විසින් කළමනාකරණ ප්‍රතිසංස්කරණ සංසද ඔස්සේ කාර්යයයන් සමාලෝචනයක් සිදු කරන ලදී. පසුකාලීනව මෙම සංසද අක්‍රීය භාවයට පත් වූ අතර දැන් නැවතත් ඒවා ප්රාණවත්භාවයට පත් කර තිබේ.
සමාලෝචන කාර්යය අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ පළාත් සභා නියැදි කිහිපයක සිදු කිරීමට තීරණය කර තිබේ. මෙම කාර්ය මාස 18ක කාල රාමුවක් තුළ වට 3ක දී ක්‍රියාත්මක කරණු ඇත. සෑම වටයක දීම ආයතන 20 කට අදාලව සමාලෝචනයන් සිදු කෙරෙනු ඇත.
පළමු වටයේ සමාලෝචනය කළමනාකරණ ප්‍රතිසංස්කරණ සංසද විසින් අදාල කාර්යය සඳහා තෝරාගත් බාහිර සම්පත්දායකයෙකුගේ මඟ පෙන්වීම සහ සහයෝගය යටතේ ස්වයං සමාලෝචනයක් ලෙස සිදු කෙරෙනු ඇත. දෙවන නැතහොත් ස්වාධීන සමාලෝචනයේ දී අදාල කරුණු සහ ගැටළු පිළිබඳව මෙන්ම ඒවා සඳහා වන විසඳුම් පිළිබඳව ගැඹුරු විශ්ලේෂණයක් සිදු කෙරේ .
2011.02.23 දින ගන්නා ලද රාජ්‍ය ආයතන වල කාර්යයන් හා වැඩ ක්‍රියාවලි සමාලෝචනය සිදු කිරීම පිළිබඳව වූ අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව, ව්‍යාපෘති යෝජනාවක් සකස්කර මහාභාණ්ඩාගාරයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරන ලදී. මෙම ව්‍යාපෘති යෝජනාවට සමාලෝචනය සිදු කරනු ලබන ක්‍රමවේදය, කාලරාමුව, බාහිර සම්පත්දායකයන් හට වන පැවරුම් සහ ගෙවීම් ක්‍රියාවලිය යනාදිය ඇතුළත් වේ. සමාලෝචන ක්‍රියාවලීන් ආරම්භ කෙරුණේ 2011 ඔක්තෝම්බර් මාසයේ දීය. ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය ප්‍රතිපාදන 2011 සහ 2012 වසර වල අමාත්‍යාංශ වැය ශීර්ෂයන්හි වෙන්කර දී තිබිණ. නියාමන පදනමින් ඇරඹී ප්‍රථම වටය 2012 අප්‍රේල් / මාර්තු කාලයේ දී නිම වීමට නියමිතය.
කාර්යයන් හා වැඩ ක්‍රියාවලි සමාලෝචන යෝජනාව තුළ සමාලෝචන නියාමන කමිටුවක් යෝජනා කෙරී තිබේ. මෙම කමිටුව විසින් සමස්ත ක්‍රියාවලියම අධීක්ෂණය කරනු ලබන අතර ව්‍යාපෘති කාර්යයන් නිරීක්ෂණය කිරීම ඇතුළු සමාලෝචනයන් සිදු කිරීම සඳහා අවශ්‍ය මඟපෙන්වීම් ලබා දෙනු ඇත.