ජාතික පරිපාලන ප්‍රතිසංස්කරණ සභාව (NARC), රාජ්‍ය කළමනාකරණ ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය යටතේ පවත්නා ආයතනයකි.
ජාතික පරිපාලන ප්‍රතිසංස්කරණ සභාව වූ කලී, රාජ්‍ය අංශයෙහි පරිපාලන ප්‍රතිසංස්කරණ වැඩසටහනක් සම්පාදනය කිරීම සහ එය ක්‍රියාවට නැංවීමේ කටයුතු මෙහෙයවීම පිණිස ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපතිතුමන් විසින් එකී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වැනි ව්‍යවස්ථාවෙන් තමා වෙත පැවරී ඇති බලතල ක්‍රියාවට යොදවමින් එතුමන්ගේ නියෝගය පරිදි, ස්ථාපිත ආයතනයකි.
(i.) |
රජයේ සමස්ථ පරිපාලන හා කළමනාකරණ යාන්ත්‍රණය, දරමුණු කරා දිවෙන හා පිරිවැය ඵලදායී වන බව සාක්ෂාත් කරගනු පිණිස අවශ්‍ය විය හැකි යම් ප්‍රතිසංස්කරණ දියත් කරලීමේ අරමුණින් රාජ්‍ය අංශයෙහි පරිපාලන හා කළමනාකරණ ව්‍යුහයන් අඛණ්ඩ පදනමක් මත සමාලෝචනය කිරීම. |
(ii.) |
රාජ්‍ය සේවයේ සියළු ස්ථරයන්හි සේවයේ නිරත සේවක පිරිස්වල ගුණාත්මකභාවය උසස් කරලීමේ අරමුණින් රාජ්‍ය මානව සම්පත් කළමනාකරණය හා මානව සම්පත් සංවර්ධනය අඛණ්ඩ පදනමක් මත සමාලෝචනය කිරීම. |
(iii.) |
රාජ්‍ය සංවිධානයන්හි සේවා ක්‍රියාවලීන් අඛණ්ඩ පදනමක් මත සමාලෝචනය කිරීම සහ අවශ්‍ය හා නිසි අවස්ථාවන්හි දී නවීන තාක්ෂණය භාවිතයට භාවිතයට යොදා ගනිමින්, රජයේ කාර්යයන් කාර්යයක්ෂම හා සඵලදායී ලෙසත් ජනතා හිතවාදීවත් ඉටු කෙරෙන බව සාක්ෂාත් කරගනු පිණිස අවශ්‍ය වෙනස්කම් හදුන්වා දීම. |
(iv.) | පරිපාලනය හා කළමනාකරණය දියුණු කරලීමේ සහ නවීකරණය කරලීමේ අරමුණට අදාල විය හැකි රාජ්‍ය සංවිධානයන්හි යම් වෙනත් පැතිමාවන් පරීක්ෂා කිරීම. |
(v.) | ඉහත I - IVදක්වා වූ කාර්යයන් අනුව අවශ්‍ය විය හැකි සියලුම ප්‍රතිසංස්කරණ ක්‍රියාමාර්ගයන් සම්පාදනය කිරීම සහ ඒවා සියලුම රාජ්‍ය සංවිධානයන් තුළ ක්‍රියාවට නැංවීමේ කටයුතු මෙහෙයවීම. |
(vi.) | එබඳු ක්‍රියාවට නැංවීම් පිළිබඳ ප්‍රගතිය නියාමනය කිරීම සහ වරින් වර රජයට වාර්තා කිරීම. |
(i.) |
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) රාජ්‍ය සේවය ප්‍රතිනිර්මාණය කිරීමේ වැඩසටහනේ (RE-GOV) මූලික ප්‍රතිපත්ති සම්පාදක ආයතනය ලෙස ක්‍රියාත්මක වීම සහ විවිධ ප්රතිනිර්මාණ ව්‍යාපාති දියත් කිරීම. |
|
(ii.) | කළමනාකරණ ප්‍රතිසංස්කරණ සංසද ජාලයක් සියළු අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ වෙනත් ආයතන තුළ ස්ථාපනය කිරීම. එම සංසදයන්ගේ ප්‍රධාන කාර්යයන් වන්නේ, |
|
(a). | කළමනාකරණ ප්‍රතිසංස්කරණයන් සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කරමින් ජාතික පරිපාලන ප්‍රතිසංස්කරණ සභාව වෙත අවශ්‍ය සහාය ලබා දීම. | |
(b). | ජාතික පරිපාලන ප්‍රතිසංස්කරණ සභාව හරහා සන්නිවේදනය වන පරිපාලන ප්‍රතිසංස්කරණ පිළිබඳ රජයේ යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම.(NARC). | |
(c). | අමාත්‍යාංශය යටතේ පවත්නා දෙපාර්තමේන්තු හා ආයතන සඳහා වන ඉහත පරිපාලන ප්‍රතිසංස්කරණ යෝජනා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගැනීම | |
(d). | පරිපාලන ප්‍රතිසංස්කරණ සංසද තුළ ඇතිවන ප්‍රතිසංස්කරණ යෝජනා පිළිබඳව ජාතික පරිපාලන ප්‍රතිසංස්කරණ සභාව දැනුවත් කරමින් ඒවා ක්‍රියාත්මක කිරීම. | |
(e). | රාජ්‍ය සේවකයා පරිපාලන ප්‍රතිසංස්කරණය වෙත පොළඹවන සංස්කෘතියක් රාජ්‍ය ආයතන තුළ ස්ථාපනය. | |
(iii.) |
අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ නියාමන කාර්යභාරය අවම කිරීම සඳහා උපක්‍රම සංවර්ධනය කිරීම. |
|
(iv.) |
සියළු රාජ්‍ය ආයතන සඳහා කාර්ය අත්පොතක් පිළියෙල කිරීම (ප්‍රාදේශීය ලේකම් කාර්යාල සඳහා වන අත්පොතක් පිළියෙල කරමින් පවතී). |
|
(v.) | ආනයන අපනයන වෙළදාම සඳහා පවත්නා රාජ්‍ය සේවය වෙතින් පවත්නා බාධකයන් ඉවත්කිරීම පිණිස ආනයන අපනයන ක්‍රියාවලිය වඩාත් සරල කිරීම. මේ සඳහා අමාත්‍යමණ්ඩලයේ ලේකම්වරයාගේ සභාපතීත්වයෙන් යුත් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කෙරිණ. රජයේ සහ පුද්ගලික දෙඅංශයේ ම පාර්ශවකරුවන් සමග එම කමිටුව අදහස් හුවමාරු කරගනිමින් සිටී. | |
(vi.) |
ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය (SLIDA) සමග එක්ව ජ්‍යෙෂ්ඨ රජයේ නිළධාරීන්ගේ ධාරිතා ප්‍රවර්ධන ක්‍රියාකාරකම් සම්බන්ධීකරණය. |
|
(vii.) | ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය (SLIDA) සමඟ එක්ව මානව සම්පත් සංවර්ධන උපක්‍රම වැඩිදියුණු කිරීම. |
ආශ්රිත ලේඛණ - |
![]() |
![]() |
ජාතික පරිපාලන ප්‍රතිසංස්කරණ සභාවේ අධ්යක්ෂ ජනරාල් එහි විධායක ශ්‍රේණියේ ප්‍රධානියා වන අතර සභාවේ ලේකම්වරයා වශයෙන් ද කටයුතු කරයි. |