කළමනාකරණ ප්‍රතිසංස්කරණ සංසද යනු කාර්යක්ෂම, නිසි වේලාවට සේවය ඉටුවන සහ මහජන හිතකාමී සේවයක් සහතික කෙරෙන පරිදි රාජ්‍ය ආයතනයන්හි කාර්යක්ෂමතාව සහ ඵලදායීතාවය ඉහල නැංවීම පිණීස වන, කළමනාකරණ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වන, සහභාගීත්ව කළමනාකරණ මෙවලමක් ලෙස හඳුන්වා දිය හැකිය. මේ වන විට කළමනාකරණ ප්‍රතිසංස්කරණ සංසද අමාත්‍යාංශ සහ ඒ යටතේ පවත්නා විවිධ සංවිධානගත ව්‍යුහයන් රැසක් තුළ පිහිටවනු ලැබූ අතර ඒවා ඉතා සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතී.
නව කළමනාකරණ ප්‍රතිසංස්කරණ සංසද පිහිටුවීමේ දී පිළිපැදිය යුතු උපදෙස් පිළිබඳව 2009 නොවැම්බර් 26 දිනැති ජාතික පරිපාලන ප්‍රතිසංස්කරණ සභාවේ අධ්යක්ෂ ජනරාල්ගේ ලිපියක් මගින් සියළුම අමාත්‍යාංශ ලේකම්වරුන් දැනුවත් කර ඇත. එම උපදෙස් මාලාවට අනුව බොහෝ අමාත්‍යාංශ විසින් අමාත්‍යාංශ කළමනාකරණ ප්‍රතිසංස්කරණ සංසද සඳහා ලේකම්වරයෙකු/ කැඳවුම්කරුවෙකු පත්කරනු ලැබ ඇති අතර ඔහුගේ/ ඇයගේ තොරතුරු මෙම අමාත්‍යාංශ වෙත ලබා දී තිබේ.
සම්බන්ධිත ලේඛණ
අංක 01/09 හා 2009 ජූනි 12 දිනැති චක්‍රලේඛය - රාජ්‍ය අංශයේ පරිපාලන ප්‍රතිසංස්කරණයන් ක්‍රියාත්මක කිරීම උසෙදා අතිගරු ජනාධිපතිතුමන් විසින් පත්කරන ලද ජාතික පරිපාලන ප්‍රතිසංස්කරණ සභාව පිළිබඳව හඳුන්වාදීම සඳහා ජනාධිපති ලේකම්තුමා විසින් සියළුම අමාත්‍යාංශ ලේකම්වරුන් අමතා ඇත.
කළමනාකරණ ප්‍රතිසංස්කරණ සංසද ස්ථාපිත කිරීම සම්බන්ධ ප්‍රගතිය වාර්තා කිරීම සඳහා වූ අනුකූලතා ලේඛනය
දුරස්ථ අධ්‍යයන මධ්‍යස්ථානයේදී 2011.05.12 දින පවත්වන ලද වැඩමුළුවේදී 2011 වසර සඳහා සකස් කරන ලද ක්‍රියාත්මක සැලැස්ම (සිංහල) / (ඉංග්‍රීසි)
2011/09/20 දින පැවති කළමනාකරණ ප්‍රතිසංස්කරණ සංසද වැඩමුළුවේ වාර්තාව - බාගත කිරීම
කළමනාකරණ ප්‍රතිසංස්කරණ සංසද කැඳවුම්කරුවන් සහ ප්‍රධාන නවීකරණ නිලධාරීන් සඳහා වූ 2012 වසරේ පළමු වැඩමුළුව රාජගිරිය, ශ්‍රී ජයවර්ධනපුර මාවතේ අංක 58 දරණ ස්ථානයේ පිහිටි ශ්‍රී ලංකා මහ බැංකු පුහුණු මධ්‍යස්ථානයේදී 2012 ජනවාරි මස 27 දින පෙ.ව. 9.00 සිට පැවැත්විණි.
2012/01/27 දින පැවති කළමනාකරණ ප්‍රතිසංස්කරණ සංසද වැඩමුළුවේ වාර්තාව - බාගත කිරීම