කුරුණෑගල දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන ආදර්ශ කාර්යාල බවට පත් කිරීමේ ව්‍යාපෘතියේ දෙවන අදියර ලෙස ක්‍රියාවලි සමාලෝචනය වැඩසටහන හඳුන්වා දීම 2014.02.08 හා 09 යන දෙදින තුල කුරුණෑගල වයඔ පුහුණු මධ්‍යස්ථානයේදී රාජ්‍ය කළමණාකරණ ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ ලේකම් ඩබ්.එම් බන්දුසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ. මෙම වැඩසටහන තුලදී සංවිධානයක් හෝ ආයතනයක් තුළ දැනට අනුගමනය කරන ක්‍රියාවලියක් අධ්‍යනය කර එම ක්‍රියාවලිය වැඩිදියුණු කිරීම සම්බන්ධ කරුණු අධ්‍යනය කරන ලදී. එක් කාර්යාලයක තෝරාගත් ක්‍රියාවලි පහක් අධ්‍යනය කර එම ක්‍රියාවලි නව්‍යකරණය කිරීම සඳහා වූ ක්‍රියාවලි සටහන් ඉදිරිපත් කිරීමට තීරණය. මෙම පුහුණු වැඩමුළුව සදහා සම්පත් දායකත්වය සැපයූ චන්දන සේනාරත්න, කණිෂ්ක වීරමුණ්ඩ, ආචාර්ය අශෝක ජිනදාස ඇතුළු ප්‍රවීණ උපදේශක මණ්ඩලයක් විසින් එම ක්‍රියාවලි අධ්‍යනය කිරීමෙන් අනතුරුව 2014 මාර්තු මස පළමු සතිය තුළ මීලග පුහුණු වැඩමුළුව පැවැත්වෙනු ඇත.
මෙම වැඩමුළුවට භාවිතා වූ ඉගෙනුම් සටහන් හා ඉගෙනුම් ආධාරක බාගත කිරීමට......