මහජන දුක් ගැනවිලි සඳහා සහන සැලසීමේ යාන්ත්‍රණයක් ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ පරීක්ෂණ කාලය (test run) සිදුකරන ආකාරය පිළිබඳ සාකච්ජාවක් 2014.01.31 වන දින රාජ්‍ය කළමණාකරණ ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණ. ඒ සඳහා රාජ්‍ය කළමණාකරණ ප්‍රතිසංස්කරණ අමාත්‍යශ ලේකම් ඩබ්.එම් බන්දුසේන, අතිරේක ලේකම් ශිරාණි වීරකෝන්, ව්‍යාපෘති අධ්‍යක්ෂක ප්‍රසාද් පියසේන යන මහත්ම මහත්මීන් ඇතුළුව ව්‍යාපෘතියට සම්බන්ධ පහත සඳහන් ආයතන නියෝජනය කරමින් නිළධාරීහු සහභාගී වූහ.
• අධ්‍යාපන අමාත්‍යාංශය
• පරිසර අමාත්‍යාංශය
• වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව
• ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව
• වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව
• වාරිමාර්ග දෙපාර්තමේන්තුව
• ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය
• තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය
• ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය
එම හමුවේදී,
• 2014.02.03- 2014.02.17 දින දක්වා වූ කාලය තුල මෘදුකාංග යෙදවුම් අපේක්ෂිත පරිදි ක්රියාකරන්නේදැයි පරීක්ෂා කිරීමටත්,
• මහජනතාව වෙත ප්‍රතිචාර දැක්වීමට වෙනමම දුරකතන මාර්ගයක්, විද්‍යුත් ලිපිනයක් ලබා ගැනීමට සහ එම කටයුතු මෙහෙයවීමට නිලධාරියෙකු පත් කිරීමටත්,
• ලද දුක්ගැනවිලි විධිමත් ලෙස විමර්ශනය වන බවට තහවුරු කර ගැනීම සහ ඒ සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කෙරෙන කෙටි පණිවිඩ නිකුත් කෙරෙන බව තහවුරු කර ගැනීමටත්,
• පරීක්ෂා කිරීම් කාලය තුල හදුනා ගත් යම් දෝශයක් වෙතොත් එය නිවැරදි කර දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ හමුවකින් අනතුරුව මහජනතාවට තම දුක්ගැනවිලි ඉදිරිපත් කිරීමට අවස්ථාව සැලසීමටත්
තීරණය විය.
පරීක්ෂා කිරීම් කාලය තුල ඔබගේ දුක්ගැනවිලි www.complaints.gov.lk වෙබ් අඩවිය හරහා ඉදිරිපත් කළ හැක.