අරමුණු
ප්‍රතිඵල පාදක ප්රවේශයන් මඟින් සඵලදායි රාජ්‍ය කළමනාකරණයක් තහවුරු කිරීම.
නවීන තාක්ෂණයන් භාවිතය ඔස්සේ රාජ්‍ය කළමනාකරණය කාර්යක්ෂම කිරීම.
රාජ්‍ය සේවාවේ නිපුණතාවය, කැපවීම සහ ඉදිරිගාමි බව තහවුරු කිරීම.
ප්‍රධාන ක්ෂේත්රයන්
මෙම අමාත්‍යාංශය එහි මෙහෙවර සාක්ෂාත් කර ගැනීම සඳහා ප්‍රධාන ක්ෂේත්රයන් 05 ක් හඳුනා ගන්නා ලදි.
රාජ්‍ය කළමනාකරණ ප්‍රතිසංස්කරණ ප්‍රතිපත්තිය සහ මාර්ග සිතියම
රාජ්‍ය ක්‍රියාවලීන් ප්‍රතිනිර්මාණය
කළමනාකරණ ප්‍රතිසංස්කරණයන් උදෙසා රාජ්‍ය සේවයේ මානව සම්පත් නිපුණතා සංවර්ධනය
රාජ්‍ය කළමනාකරණ ප්‍රතිසංස්කරණ පර්යේෂණයන් දියත් කිරීම
රාජ්‍ය කළමනාකරණ ප්රතිසංස්කරන ක්‍රියාවලිය දිරි ගැන්වීම
2010.11.22 වන දිනැතිව නිකුත් කළ අංක 1681/3 ගැසට් නිවේදනය මඟින් මෙම අමාත්‍යාංශයේ කාර්යය භාරයන් පහත පරිදි විස්තර කොට ඇත.
රාජ්‍ය කළමනාකරණ යාන්ත්‍රණය නවීකරණය කිරීම අරභයා පහත දැක්වෙන අරමුණු ඉලක්ක කොටගත් ප්‍රතිපත්ති,වැඩසටහන් හා ව්‍යාපෘති සම්පාදනය කිරීම
සංවර්ධන සැලසුම් කි‍්‍රයාත්මක කිරීම සහ මහජන සේවා සැපයීම ඇතුළු සියළුම රාජ්‍ය ක්‍රියාකාරකම් උපරිම කාර්යක්ෂමතාවයෙන් සපුරාලීම සහතික කරනු වස් නාස්තිය හා දුෂණය පිටුදකිමින් නවීන කළමනාකරණ ශිල්පීය ක්‍රම හා තාක්ෂණය යෝග්‍ය පරිදි යොදාගැනීම.
සංවර්ධන වැඩසටහන් හා ව්‍යාපෘති සාර්ථකව ක්‍රියාත්මක වන බවට වගබලා ගැනීම.
රාජ්‍ය සේවය කාර්යක්ෂමව හා මහජන හිතකාමී අන්දමින් ඉටුවන බවට වගබලා ගැනීම.
රාජ්‍ය කළමනාකරණ ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය |
|
II අදියර, 06 වන මහල. සෙත්සිරිපාය, බත්තරමුල්ල | |
දුරකථන (පොදු) | : +94 11 2187155 |
ෆැක්ස් | : +94 11 2187153 |
ඊ-තැපෑල | : This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |