කාර්යයන් හා වැඩ ක්‍රියාවලි සමාලෝචන වැඩසටහනේ ප්‍රගතිය සමාලෝචනය සහ කළමනාකරණ ප්‍රතිසංස්කරණ සංසද වැඩපිළිවෙල ශක්තිමත් කිරීමේ අරමුණින් රාජ්‍ය කළමනාකරණ ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගරු නවින් දිසානායක මැතිතුමා 2012 මැයි මස 23 වන දින ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය ගරු විමල් වීරවංශ මැතිතුමා එම අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී මුණ ගැසිනි.
අමාත්‍යාංශ දෙකෙහි ලේකම්වරුන් සහ විධායක නිලධාරීන් ද, ගොඩනැගිලි දෙපාර්තමේන්තුවේ හා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ප්‍රධානීන් ද මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ.
ගොඩනැගිලි දෙපාර්තමේන්තුව හා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සඳහා පත් කර ඇති බාහිර සම්පත් දායකයින් විසින් කාර්යයන් හා ක්රියාපරිපාටි සමාලෝචන වැඩසටහනේ වත්මන් තත්වය ගරු අමාත්‍යවරුන් හමුවේ ඉදිරිපත් කරන ලදී.
මෙම අවස්ථාවේදී රාජ්‍ය කළමනාකරණ ප්‍රතිසංස්කරණ ලේකම් ජී.කේ.ඩී. අමරවර්ධන මහතා සහ ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය ජයරත්න මහතා විසින් වසර දෙකක කාලයක් සඳහා පහත කරුණු ඇතුලත් අවබෝධතා ගිවිසුමකටද අත්සන් තබන ලදී.
1. ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශය තුල හා ඒ යටතේ වන ආයතන වල කළමනාකරණ ප්‍රතිසංස්කරණ සංසද ස්ථාපිත කිරීම, ඒවා ක්‍රියාකාරී මට්ටමින් පවත්වාගෙන යාම සහ කාර්යයන් හා ක්රියාපරිපාටි සමාලෝචනයේ දෙවන අදියර සඳහා සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියත්, රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව ඇතුලත් කර ගැනීම
2. රාජ්‍ය කළමනාකරණ ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය විසින් කළමනාකරණ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම එම අමාත්‍යාංශයේ කළමනාකරණ ප්‍රතිසංස්කරණ සංසද ලේකම්වරයා/කැඳවුම්කරු වෙත ලබා දීම
3. රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 6/2006 හි පවත්නා විධිවිධාන ප්‍රකාරව ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශය හා ඒ යටතේ පවත්නා ආයතනවල බඳවා ගැනීමේ පරිපාටි සහ සේවා ව්‍යවස්ථාවන් සංශෝධනය කිරීමේ කටයුතු 201.06.30 දිනය වන විට අවසන් කිරීම හා ඒ සඳහා අවශ්‍ය සම්බන්ධීකරණය රාජ්‍ය කළමනාකරණ ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය වෙතින් ලබා දීම