2012 ජුනි මස 12 දින
ඉහත වැඩසටහන මේ වන විට නිර්දේශ නිකුත් කිරීමේ අවසන් අදියරේ පවතී. රාජ්‍ය කළමනාකරණ ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් විසින් බාහිර සම්පත්දායකයින් සහ ජාතික පරිපාලන ප්‍රතිසංස්කරණ සභාවේ සාමාජිකයින් සමඟ සාකච්ඡා වට දෙකක් පවත්වන ලදී. මෙම සාකච්ඡාවල මූලික අරමුණ වූයේ කාර්ය සැලැස්ම පහසුවෙන් ක්‍රියාත්මක කිරීම පිණිස වන නිර්දේශ ලබා ගැනීමයි. අමාත්‍යාංශ ලේකම්වරුන් සමඟ පැවැති සාකච්ඡාවේ අභිප්‍රාය වූයේ, අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීමට පෙර, අවශ්‍ය අනුමැතිය ලබා ගැනිමයි. රාජ්‍ය කළමනාකරණ ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය ආයතන 20 කට අදාල නිර්දේශයන් සඳහා පුර්ණ අනුමැතිය අපේක්ෂා කරයි.
බාහිර සම්පත්දායකයන් සහ කැඳවුම්කරුන් සමඟ කටයුතු කරමින්, මෙම යෝජනා නිරන්තරව වැඩි දියුණු කිරීමට අපේක්ෂා කෙරේ. එබැවින් බාහිර සම්පත්දායකයන් හට, සිය නිර්දේශයන් පිළිබඳ තවදුරටත් පැහැදිලි කිරීම් අවශ්‍ය වේ නම්, කණ්ඩායම් නායක අශෝක ගුණවර්ධන මහතා ඇමතීමට උපදෙස් දී තිබේ.