2012 ජනවාරි 13
“මහජනයාට සේවය කිරීමට සුදානම් වීම” මැයෙන් අලුතින් බඳවාගත් පුස්තකාල සහකාරවරුන් සඳහා පවත්වන ලද පූර්ව සේවා පුහුණු වැඩසටහන, නේවාසික පුහුණු සැසියක් ලෙස, රාජ්‍ය කළමනාකරණ ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ මගපෙන්වීම යටතේ ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය (SLIDA) සහ රාජ්‍ය සේවා පුහුණු ආයතනය හා ඒකාබද්ධව 2011 දෙසැම්බර් 19-23 දක්වා ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේදී පැවැත්විණි.
මේ වනවිට, මුළු රටම ශීඝ්‍ර සංවර්ධනයක් වෙත යොමු වෙමින් පවතින අතර, මෙරට ජනතාවගේ ජීවන තත්ත්වය නඟා සිටුවීම සඳහා සෑම මට්ටමක රජයේ සේවකයන් හට මෙහිදී සිය දායකත්වය ලබාදිය හැකිය. මේ සම්බන්ධයෙන් රජ්‍ය සේවයේ නියැලෙන්නන් තුළ ඕනෑම අවස්ථාවක සේවය සැළසීමේ අභියෝගයට මුහුණ දිය හැකි පරිදි, විවිධ වූ අංශයන් පිළිබඳ කුසලතාවය වර්ධනය කිරීම අත්‍යවශ්‍ය වේ. එබැවින් වත්මන් ආර්ථික හා කළමනාකරණ වාතාවරණය යටතේ, අපගේ රාජ්‍ය සේවය ශීඝ්‍ර ආර්ථික සංවර්ධන අභියෝගය සාක්ෂාත් කරගනු වස් ගතානුගතිකත්වයෙන් මිදී, නව චින්තන රටාවක් ඔස්සේ ගමන් කිරීම අතිශයින් වැදගත් වේ.
මෙහිදී, අළුතින් රාජ්‍ය සේවයට ප්රවිශ්ට වන්නන් ආයතනවලට යොමු කිරීමට පෙර පහත සඳහන් ක්ෂේත්රයන් පිළිබඳ සේවාරම්භක පුහුණුවක් ලබා දිය යුතු බව, අතිගරු ජනාධිපතිතුමන් විසින් අවධාරණය කරනු ලැබ තිබේ.
මේ සඳහා බාහිර සම්පත්දායකුගේ සහයෝගය ඇතිව, රාජ්‍ය කළමනාකරණ ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය මඟින් පුහුණු අත්පොතක් පිළියෙල කරනු ලැබ තිබේ. මෙම පුහුණු අත්පොත පාදක කර ගනිමින්, 2011 දෙසැම්බර් මාසයේ බඳවාගත් පුස්තකාල සහායකයින් 34 දෙනෙක් සඳහා, අමාත්‍යාංශ ප්‍රතිපාදන යටතේ, පූර්ව සේවාස්ථ පුහුණු වැඩසටහනක් පවත්වනු ලැබිණ. රාජ්‍ය සේවයේ සිය වෘත්තීයයන් ආරම්භ කිරීමට ප්‍රථමයෙන් එබදු පුහුණුවක් ලද ප්‍රථම කණ්ඩායම ඔවුහු වෙති. අනාගතයේ දී රාජ්‍ය සේවයට බඳවා ගනු ලබන සියළු දෙනාටම මෙම පුහුණුව ලබා දීමට නියමිතය.