2011 සැප්තැම්බර් 28
රාජ්‍ය කළමනාකරණ ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ සංවිධානත්වයෙන් ඉහත සමාලෝචන කාර්යය පිළිබඳ සම්බන්ධීකරණ වැඩමුළුවක් 2011 සැප්තැම්බර් මස 26 දින හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනයේදී (HARTI) පැවැත්විණ. මෙම වැඩමුළුවේ මුලසුන උසුලන ලද්දේ රාජ්‍ය කළමනාකරණ ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් ජී.කේ.ඩී. අමරවර්ධන මහතා විසින් වන අතර එයට පහසුකම් සලසන ලද්දේ අතිරේක ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර මහතා විසිනි.
බාහිර සම්පත් දායකවරු, තෝරාගත් අමාත්‍යාංශ සහ ආයතන වල කළමනාකරණ ප්‍රතිසංස්කරණ සංසද කැඳවුම්කරුවෝ, කළමනාකරණ ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ නිලධාරීහු ඇතුළු පිරිසක් මෙම වැඩමුළුවට සහභාගී වූහ. මෙහිදී තාක්ෂණික දායකත්වය කාර්යයන් හා වැඩ ක්‍රියාවලි සමාලෝචන වැඩසටහනේ කණ්ඩායම් නායක අසෝක ගුණවර්ධන මහතා විසින් දරණ ලදී.
මෙම වැඩමුළුවට සහභාගී වූ බොහෝ දෙනෙකුගේ අදහස වූයේ, එය රාජ්‍ය අංශයේ කාර්යසාධනය වර්ධනය කිරීම පිළිබඳව අදහස් හුවමාරු කර ගැනීම සඳහා සහභාගීවූවන් හට කදිම වේදිකාවක් වූ බවයි. ජාතික පරිපාලන ප්‍රතිසංස්කරණ සභාව විසින් ආරම්භ කරන ලද මෙම ප්රයත්නය පසුව රාජ්‍ය කළමනාකරණ ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය විසින් බාර ගන්නා ලදී. මෙහි දී රාජ්‍ය ආයතන වල සේවා සම්පාදනය වැඩි දියුණු කිරීම සඳහා දක්වන ලද දායකත්වය සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් මෙන්ම ජාතික පරිපාලන ප්‍රතිසංස්කරණ සභාවේ සභාපතිවරයාද වන ලලිත් වීරතුංග මහතා සහ ජනාධිපති උපදේශක ධම්මික අමරසිංහ මහතා හට විශේෂ ස්තූතිය හිමි විය යුතුය.