නුවරඑළිය දිස්ත්‍රික්කයේ ගුරුවරුන් සදහා ගුරුසර
කුරුණෑගල දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන ආදර්ශ කාර්යාල බවට පත් කිරීමේ ව්‍යාපෘතියේ දෙවන අදියර ආරම්භ කෙරේ.........
  • නුවරඑළිය දිස්ත්‍රික්කයේ ගුරුවරුන් සදහා ගුරුසර

    “තෘප්තිමත් වෘත්තීය ජීවිතයකට මනෝවිද්‍යාත්මක මැදිහත් වීමක්” යන මැයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ කළාප අධ්‍යාපන කාර්යාල වල ගුරුවරුන් 6500ක් සදහා  පුහුණු වැඩසටහනක් 2014.01.21 දින නුවරඑළිය හගුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී රාජ්‍ය කළමණාකරණ ප්‍රතිසංස්කරණ අමාත්‍ය...

    Read the Full Story...
  • කුරුණෑගල දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන ආදර්ශ කාර්යාල බවට පත් කිරීමේ ව්‍යාපෘතියේ දෙවන අදියර ආරම්භ...

    කුරුණෑගල දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන ආදර්ශ කාර්යාල බවට පත් කිරීමේ ව්‍යාපෘතියේ දෙවන අදියර ලෙස ක්‍රියාවලි සමාලෝචනය වැඩසටහන හඳුන්වා දීම 2014.02.08 හා 09 යන දෙදින තුල කුරුණෑගල වයඔ පුහුණු මධ්‍යස්ථානයේදී රාජ්‍ය කළමණාකරණ ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ ලේකම් ඩබ්.එම් බන්දුසේන මහතාගේ...

    Read the Full Story...

කළමනාකරණ ප්‍රතිසංස්කරණ අමාත්‍ය නවීන් දිසානායක් මැතිතුමා 2011-05-13 දින, හෙක්ටර් කොබ්බැකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනයේ පැවති සම්මන්ත්‍රණයේදී කරන ලද කතාව

2011 ජුනි මස 01 දින

කළමනාකරණ ප්‍රතිසංස්කරණ ගරු අමාත්‍ය  නවීන් දිසානායක මැතිතුමා පෙන්වා දෙන්නේ, මහජනතාවට වඩාත් කාර්යක්ෂම සේවයක් සැලසෙන පරිදි සහ රටේ අවශ්‍යතාවයට සරිලන පරිදි, රාජ්‍ය සේවය අනිවාර්යෙන්ම ප්‍රතිව්‍යුහගත විය යුතු බවයි.  අමාත්‍යවරයා මෙසේ සඳහන් කළේ, සේවා ව්‍යවස්ථා සහ බඳවා ගැනීමේ පටිපාටි සංශෝධනයට අදල ප්‍රගතිය වාර්තා කිරීම පිණිස අමාත්‍යාංශ වලින් නම් කරන ලද සම්බන්ධීකරණ නිලධාරීන් සහභාගි වු සම්මන්ත්‍රණයක් අමතමිනි.  එම සමුළුව 2011- 05-13 දින කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි හෙක්ටර් කොබ්බැකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනයේ (HARTI) දී පැවැත්විණ.

 

තවදුරටත් කතා කළ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, රාජ්‍ය සේවය පිළිබඳව විවිධ පුද්ගලයන් මේ දිනවල එකිනෙකට පරස්පර වීරෝධී ප්‍රකාශයන් සිදු කරමින් සිටින බවත්, එබැවින් අප අපගෙන්ම විමසා බැලිය යුතු පැනය වන්නේ රාජ්‍ය සේවය කෙතරම් දුරට කාර්යක්ෂම ද යන්න බවත්ය.  

 

‘‘රාජ්‍ය සේවය තුළ උපරිම සේවය සැලසෙන තත්වයකට පත් කිරීමට නම්,  එය මහින්ද චින්තන ඉදිරි දැක්මේ දැක්වා ඇති ආකාරයට කාර්යක්ෂමතාව ඉහළ නංවා  ගැනීමට කටයුතු කළ යුතු බවට කිසිදු විවාදවක් නැත.  මහින්ද චින්තන ඉදිරි දැක්මේ දැක්වෙන ආර්ථික ඉලක්කයන් කරා අපට එළඹිය හැක්කේ එවිට පමණි.  ඒ සඳහා ඔබගේ සහාය ලැබෙන්නේ නම් අපට එය වඩාත් පහසුවෙන් කළ හැකිය’’.

 

‘‘අප අමාත්‍යාංශය රාජ්‍ය කළමනාකරණ කාර්ය ප්‍රතිසංස්කරණ කිරීම වෙනුවෙන් මෑත කාලයේ දී පිහිට වු එකක්, අප සැමගේ සාමුහික ප්‍රයත්නයේ ප්‍රතිඵලය දෙස ජනාධිපති තුමන් ඉතා උනන්දුවෙන් බලා සිටිනවා.  රාජ්‍ය සේවය පිළිබඳව 06/2006  චක්‍රලේඛය මේ වන විට නිකුත් වී තිබෙනවා.  එහිදි, අප මුලිකව පවත්නා අඩුලුහුඬුකම් සහ දුෂ්කරතා හඳුනා ගනිමින් සිටිනවා’’.  ඔහු වැඩිදුරටත් සඳහන් කළේ රාජ්‍ය සේවය තුළ අත්‍යවශ්‍ය වෙනස්කම් සිදු කිරීම පිණිස අප කැපවිය යුතු බවත්ය.

 

සාධනීය වෙනස්කමක් හඳුන්වා දුන් සෑම විටම, වෘත්තීය සමිති එයට විවිධ චෝදනා එල්ල කිරීම සාමාන්‍ය දෙයක්.  නමුත් ඉලක්ක ජය ගැනීමේ දී යථාර්ථවාදීව  ඒ අභියෝගයට මුහුණ දීම සහ ඒවාට  අභියෝග කිරීම හැර වෙනත් පහසු මාර්ගයක් නොමැත. මන්දයත්, ලොව බෝහෝ රටවල් තම රාජ්‍ය සේවය තමන්ට ගැලපෙන පරිදි ප්‍රතිව්‍යුහගතකර වෙනස් කොට  ගෙන තිබේ.  ඒ නිසා අපට ද කෙටි මාර්ග හෝ ව්‍යාජ හේතු ඉදිරිපත් කිරීමෙන් තොරව එබඳු මගක් අනුගමනය කිරීමට සිදුව තිබේ.

 

01 02 03

மிகப் பிந்திய செய்திகள்

  • 1
  • 2
2012 ஒக்டோபர் 17 நீங்கள் வழங்கும் சேவையில் சாதகமானதொரு மாற்றத்தை மேற்கொள்வதற்கு, உங்கள்... Read more
  இலங்கைக்கான மனித வள அபிவிருத்தி புலமைப்பரிசிலுக்கான யப்பானிய மானிய உதவி – கல்வி ஆண்டு... Read more
  அரச முகாமைத்துவ மறுசீரமைப்பு அமைச்சில் பின்வரும் இலங்கை நிருவாகச் சேவை மற்றும் இலங்கை... Read more
30 June 2012 Applications are called from suitable qualified Public/Private sector persons to... Read more
அரசாங்க முகாமைத்துவ மறுசீரமைப்பு அமைச்சர் கௌரவ நவீன் திசாநாயக்க, நிர்மாணத்துறை, பொறியியல் ... Read more
12 ஜூன் 2012 தொழிற்பாட்டு மற்றும் பணி செயன்முறை மீளாய்வானது தற்போது அதன் சிபாரிசுகளை... Read more
10 மே 2012 சில அரசாங்க நிறுவனங்கள் தர முகாமைத்துவ ISO 9000 சான்றிதழை பெற்றிருக்கின்றன.... Read more
28 பெப்ரவரி 2012 மாத்தளை, கண்டி மாவட்டங்களில் மாவட்ட திறன் அபிவிருத்தி கூறுகளின் அங்குரார்ப்பண... Read more

உறுப்பினர் உள்நுழைவு

புதிய செய்திகள்

  • 1
  • 2
  • 3
  • 4
2012 ஒக்டோபர் 17 நீங்கள் வழங்கும் சேவையில் சாதகமானதொரு மாற்றத்தை... Read more
  இலங்கைக்கான மனித வள அபிவிருத்தி புலமைப்பரிசிலுக்கான யப்பானிய மானிய... Read more
  அரச முகாமைத்துவ மறுசீரமைப்பு அமைச்சில் பின்வரும் இலங்கை நிருவாகச் சேவை... Read more
30 June 2012 Applications are called from suitable qualified Public/Private... Read more
அரசாங்க முகாமைத்துவ மறுசீரமைப்பு அமைச்சர் கௌரவ நவீன் திசாநாயக்க,... Read more
12 ஜூன் 2012 தொழிற்பாட்டு மற்றும் பணி செயன்முறை மீளாய்வானது தற்போது அதன்... Read more
10 மே 2012 சில அரசாங்க நிறுவனங்கள் தர முகாமைத்துவ ISO 9000 சான்றிதழை... Read more
28 பெப்ரவரி 2012 மாத்தளை, கண்டி மாவட்டங்களில் மாவட்ட திறன் அபிவிருத்தி... Read more

Copyright © 2012 Ministry of Public Management Reforms. All Rights Reserved      

Solution by : Lankacom